පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ – පෙරහැර නැරඹීමට විශාල ජනතාවක්

පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ – පෙරහැර නැරඹීමට විශාල ජනතාවක්

කන්ද උඩරට මහා කලා මංගල්‍යය නැත්නම් “මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර, වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ (10) සිට දින 10ක් පුරා පැවැත්වෙනවා.

මෙවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර ඊයේ පස්වරු විථි සංචාරය ආරම්භ කෙරුණා.

මව්පියන් සිය අලුත උපන් බිළිදුන් කුඹල් පෙරහර නැරඹිමට රැගෙන එන්නේ දළදා සමිදුන්ගෙන් ආශිර්වාද ගැන්විම සදහායි.

පළමු කුඹල් පෙරහර නැරඹිම සදහා දෙස් විදෙස් විශාල පිරිසක් ඊයේ උදෑසන සිටම දළදා මාළිගාව ආශ්‍රිත ප්‍රදේශයට රැස්වි සිටියා.