මාලිමාව දිනන්නම කරන දේ 26 එළියට

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.
පුනරුදයට රටම එකට යන මැයෙන් ජාතික ජනබලවේගයේ ජන රැලියක් ඊයේ පස්වරුවේ මෙලෙස ඇඹිලිපිටියේදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙනි.

