ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ඉන්දුනීසියාවේ බටම් හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

ඇය නමින් මධුෂි අමරසිංහ සෙන්ටි මීටර් 165ට වැඩි කාන්තා ක්‍රීඩා කායික අංශයේ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනය හරහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවක්.