මහනුවර ඇසළ පෙරහරට අලිඇතුන්ගේ හිඟය දැඩිව බලපායි

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල පෙරහරවලට හීලෑ අලිඇතුන්ගේ හිඟය දැඩිව බලපා ඇතැයි සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ අතර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ වීදි සංචාරය කළා. පෙරහරේ කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හිමිවුණේ සිංහරාජා හස්තියාටයි.
දෑලේ ඇතුන් ලෙස පුලතිසි රාජාත්, කෝට්ටේ රාජාත් ගමන් ගත්තා.
කන්ද උඩරට මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයට දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවන්නේ දැඩි ආකර්ෂණයක්.
පෙරහර මංගල්‍යයේ අනිවාර්ය අංගයක් වන අලිඇතුන් හේතුවෙන් එහි ආකර්ෂණීයත්වය වඩාත් ඉහළ නැංවෙනවා.
කාලයාගේ ඇවෑමෙන් මතුව ඇති හීලෑ අලිඇතුන්ගේ හිඟය පෙරහර මංගල්‍යයට ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
පෙරහර මංගල්‍යය විචිත්‍රවත් කරන සතර මහා දේවාල පෙරහරවලට මෙම අලි ඇතුන් හිඟය දැඩිව බලපා තිබෙනවා.
මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ පස්වරු 7.28ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කෙරුණා.

