ලබන15 වැනිදා විශේෂ රථවාහන සැලැස්මක්

ලබන15 වැනිදා විශේෂ රථවාහන සැලැස්මක්

2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර දීමේ කටයුතු හේතුවෙන් ලබන 15 වැනිදා පෙරවරු 08 සිට පස්වරු 02 දක්වා මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා

ඒ අනුව එය පහත දක්වා ඇති පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ

පොල්දූව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියළුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හංදියට පැමිණ එතැන් සිට ආයුවේද හංදිය දක්වා ගමන් කර කොළඹට ඇතුළු විය හැකි අතර වැලිකඩ හංදියත් ආයුර්වේද හංදියත් අතර කොළඹට ඇතුළු වන පැත්තේ ඇති සියළුම අතුරු මාර්ගවලින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියළුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හංදිය දෙසට ගමන් කළ යුතුයි.

බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් විදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හංදියට පැමිණ ආයුර්වේද හංදියෙන් පරණ පාර ඔස්සේ වැලිකඩ හංදිය දක්වා ගමන් කළ හැකි වනවා

එමෙන්ම අතුරු මාර්ගවලින් පරණ පාරට ඇතුළු වන සියළු වාහන වමට හරවා වැලිකඩ හංදිය දෙසට ගමන් කළ යුතු වනවා.

මෙම කාලය තුළ දී ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හංදියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටිවීම) කොටස වසා තැබෙන අතර වැලිකඩ හංදියේ සිට ආයුර්වේද හංදිය දක්වා (කොළඹට ඇතුළු වන පැත්ත) පරණ පාර කොටස වසා තැබෙන බවයි පොලිසිය පැවසුවේ

මීට අමතරව තලවතුගොඩ හංදියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියළුම වාහන තලවතුගොඩ හංදිය, කිඹුලාවල හංදිය ඔස්සේ පිටකෝට්ටේ හංදියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ යුතු අතර ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හංදියට ගමන් කළ යුතු වනවා.

එමෙන්ම, පොල්දුව හංදියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල දෙස සිට පොල්දූව හංදිය දක්වා කන්ටේනර් රථ ගල්, වැලි පටවන ලද ටිපර් රථවලට ඇතුළු වීම සීමා කරනු ඇති.

තවද, ජනාධිපති අපේක්ෂකයින් සමග පැමිණෙන පාක්ෂිකයින්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයින් ස්ථාන ගත වීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරිමට කටයුතු කර තිබෙනවා

වැලිකඩ හංදියේ සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හංදිය දක්වා සහ පරණ පාර ආයුර්වේද හංදිය සිට වැලිකඩ හංදිය දක්වා ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව පහත සදහන් මාර්ගවල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් කළ යුතුයි.

176 මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හංදියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු අතර මාර්ග අංක 170, 171, 175, 177, 190 යන මාර්ගවල බස් රථ වැලිකඩ හංදියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදිය වෙත පැමිණ ගමන් කළ හැකියි

COMMENTS