වෙඩික්කරුට වැරදුණු කුරුමාණම

වෙඩික්කරුට වැරදුණු කුරුමාණම

හික්කඩුව නගරයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට දෙදෙනකු විසින් වෙඩිතැබීමට ගත් උත්සායක් ව්‍යර්ථ වී ගිය බව හික්කඩුව පොලිසිය පවසනවා .

ටී56 ගිනි අවියක් ඇතැතිව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද පස්වරුවේදී මෙම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා ඇති නමුත් ඔවුන් ඇතැතිව තිබූ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති වීම හේතුවෙන් ඔවුන් සිදුකිරීමට පැමිණි වෙඩි තැබීම අසාර්ථක වී තිබෙනවා .

ත්‍රීරෝද රථ රියදුරු එම අවස්ථාවේදී දිව ගොස් සැඟව ඇති අතර වෙඩිතැබීමට පැමිණි දෙදෙනා පළාගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කර සිටියේ .

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා .

COMMENTS