දුම්රිය ප්‍රමාදයක්

කාර්යාලීය දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ ප්‍රකාශ කළා.
රඹුක්කන දුම්රිය ස්ථානයේදී අද (26) උදෑසන මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත්තේ රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රියක්.
මේ හේතුවෙන් උදෑසන කාර්යාලීය දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වන බවයි ඔහු කියා සිටියේ.

