ඉලංගෙයි තමිල් අරසු කච්චි මතයේ බෙදීමක්

මෙවර ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බවයි ඒ මහතා පවසන්නේ.
කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවන බව එහි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා.
අදාළ තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බව තමා දැන නොසිටි බවයි ඒ මහතා පවසන්නේ.
මේ අතර නීතිඥ එන් කේ අශෝක්බරන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා එක්සත් රාජධානියේ රැදි සිටින අතරතුර මෙම තීරණය ඔහුගේ සහභාගීත්වයෙන් තොරව ගෙන ඇති බවයි.
එබැවින් එම තීරණය ශ්‍රීදරන් භාරගනීවිද එසේත් නැතිනම් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තම ස්ථාවරය වෙනස් කරයිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ඔහු පවසනවා.

