නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් අද දිනයෙන් ඇරඹෙයි

නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් අද දිනයෙන් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු ඊයේ (02) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් කාර් ය භාර නිලධාරි විසින් ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අදාළ නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් කටයුතු අද (03) දින ආරම්භ කර ඇති අතර තැපැල් බෙදාදීම් කාර්යමණ්ඩලය 2090ක ක් මේ සඳහා යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වලින් සියයට තිහක් බෙදා අවසන් බවටත් වාර්තා වනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් මස 08 වැනිදා ඉරිදා දිනයේ එදින උදෑසන අටේ සිට පස්වරු හය දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පමණක් බෙදා හැරීමේ කටයුතුවල අපේ ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය විසින් සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියේ එදින තමන්ගේ නිවසේ රැඳිල ඉඳලා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුත්තට සහාය දක්වන ලෙසයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව භාරදීමේදී ලිඛිතව භාරගත් බවට සනාථ කිරීමේ සහිතක කිරීමක් අවශ්‍ය හෙයින් ලිපි බෙදීම් කාර්යමණ්ඩලයට එම සහාය ලබා දීමට කාරුණික වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා ජනතාව දැනුවත් කර සිටිනවා.

සැප්තැම්බර් මස 14 වනදා දක්වා පමණක් නිවසේ නිවසට ගොස් මෙම තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන අතර තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව එදින තෙක් නොලැබුණු අයවෙතොත් අවශ්‍ය නම් තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමේ හැකියාවක් පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS