බදු ගෙවන්නන්ට සහන දෙන්න රජය සැරසෙයි

පුද්ගලික ආදායම් මත අය කෙරෙන බදු අඩුකිරීම පිලිබඳ රජය සිය යෝජනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනා වලට ප්රතියෝජනා ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිට පැවෙත්වෙන බවයි සඳහන් වන්නේ .
දැනට රජය විසින් ක්‍රියාත්මක කරන පුද්ගලික ආදායම් මත / බදු අයකිරීම් අඩුකිරීම පිළිබඳ මහජනතාවගෙන් ඉල්ලීම් රැසක් ලැබී තිබෙනවා .
ඒ හේතුවෙන් ජනතාවට යම් සහනයක් ලබා ගැනීමටයි රජය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන්නේ.
එහෙත් පසුගිය වසරේ ආදායම් එකතු කිරීම අඩු අගයක් ගත් නිසා එවැනි සහන ලබා දීමට නොහැකි වී තිබෙනවා .
කෙසේ වෙතත්, මේ වසරේ මැද භාගය වන විට ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රජය සමත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ .
එම නිසා සාකච්ඡා අඛණ්ඩව සිදු කළ අතර බදු ගෙවන්නන්ට සහන ලබා දීමේ වැදගත්කම අවධාරණය කර මුදල් අමාත්‍යංශය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා .
එමෙන්ම සෑම ආදායම් සිමාවකම ආන්තික බදු අනුපාතය 6%ක් ලෙස පවතිනු ඇති අතර අය කෙරෙන ඉහළම බදු අනුපාතය 36%ක්

