අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේ

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව, මහාධිකරණයේ හිටපු විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච්.කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී.ගොපල්ලව පත් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

COMMENTS