ඉන්දිය අගමැති මෝදිගෙන් නව ජනපති අනුරට සුබ පැතුම්

ඉන්දිය අගමැති මෝදිගෙන් නව ජනපති අනුරට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබ පැතුම් x ගිණුමෙහි සටහනක් එක් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එයට පිළිතුරු ලබා දෙමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ කාරුණික වචන සහ සහයෝගයට ස්තූතිය පල කරන බවයි.

ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත් අපගේ ජනතාවගේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපට කටයුතු කළ හැකි බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක x ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

COMMENTS