ශ්‍රී ලංකාව නවසීලන්තය පරදවයි

ශ්‍රී ලංකාව නවසීලන්තය පරදවයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 305 ක් රැස් කළ අතර පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 114 ක් රැස් කළා.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 340 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309 ක් ලබාගත් අතර පන්දුවට පහරදීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 211 ක් පමණක් වන අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග 2 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

COMMENTS