ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියුමක් ලියයි

දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ බව පැවසීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වෙයි.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
“නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රර්ථනා කරමු.”

