ඉන්ධන තොග ගැන සටහනක් තබා කංචන ගෙදර යයි

මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.
ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි, ඔහු සඳහන් කර තිබෙන්නේ.
ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් මෙරට සතුව තිබෙනවා.
ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවයි, කංචන විජේසේකර මහතා කියා සිටියේ.
මේ අතර සිය නිල රථය සහ අමාත්‍යංශ කාර්යාලය භාර දුන් බව ද ඔහු ප්‍රකාශ කළා.




