කමිදුගෙන් ලෝක වාර් තාවක්

කමිදුගෙන් ලෝක වාර් තාවක්

පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි.

ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී මේ වනවිට පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා සිටී.

නොදැවී ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.

අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

COMMENTS