වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නෑ – මහබැංකු අධිපති

වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නෑ – මහබැංකු අධිපති

වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකුවේ අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවයි.

මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බවද ඔහු එහිදී සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ අතරමග නැවතුණු ව්‍යාපෘති 11 ක් කඩිනමින් ඇරඹීමට ජපාන රජය පූර්ණ සහය පළ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙයිකි ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන් බවයි.

එමෙන්ම වත්මන් රජයේ විනිවිද භාවයෙන් යුතු වැඩපිළිවෙළට පූර්ණ සහය දැක්වීමට කොරියානු රජය ද එකඟතාවය පළ කර තිබෙනවා.

COMMENTS