ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන විගණනයක් දෙන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන විගණනයක් දෙන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිලධාරීන්ට පවසා තිබෙනවා .

ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවතිය ද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙසයි ඇය උපදෙස් ලබා දී ඇත්තේ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අගමැති මේ බව සඳහන් කර සිටියා .

COMMENTS