ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 ක් සාමාන්‍ය පොලිස්ථානවල රාජකාරියට

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 ක් සාමාන්‍ය පොලිස්ථානවල රාජකාරියට

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) දින සිට පොලිස්ථාන වලට අනුයුක්ත කර තිබෙනවා .

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයක් මඟිනුයි ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ ආරක්‍ෂක නිලධාරීන් ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇත්තේ .

ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යොදවා සිටියදී එම නිලධාරීන්ට ගෙවනු ලබන උපවේශණ දීමනා සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ පසු එම නිලධාරීන්ට නොගෙවීමටද වැඩබලන පොලිස්පතිවරයා අදාළ නියෝගය මඟින් නියම කර තිබෙනවා .

COMMENTS