අවුරුද්දක් තුළ කෘෂිකර් ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් ඉවත් වෙලා

අවුරුද්දක් තුළ කෘෂිකර් ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් ඉවත් වෙලා

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් පමණ ඉවත්ව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රට තුළ විධිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති ගැටලු ඊට හේතු වී ඇති බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකට අනුව 2023 වසරේ පළමුවැනි කාර්තුව වන විට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරතව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 2,187,563ක්.

එය රටේ සේවා නියුක්තියෙන් 56.7% ක ප්‍රතිශතයක්.

2023 වසරේ දෙවැනි කාර්තුව වනවිට එම අගය 2,058,421 දක්වා අඩුවී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25.7% ක් වනවා.

එම වසරේ 3 වැනි කාර්තුව වන විට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරතව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 2,032,281 දක්වා අඩු වී ඇත්තේ සමස්ත සේවා නියුක්තියෙන් 25.4% ක් දක්වා එම අගය අඩු කරමින්.

2023 වසරේ සිව්වන කාර්තුව වන විට 2,075,112ක් දක්වා එම අගය සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබුණේ 26.5%ක් ප්‍රතිශතයක් සමගයි.

කෙසේවෙතත් 2024 පළමු කාර්තුව වන විට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරතව සිටි සංඛ්‍යාව 2,039,574ක් දක්වා අඩු වී තිබෙනවා.

එය රටේ සේවා නියුක්තියෙන් 25.8% ක්.

මේ අතර මෙරට තුළ වාර්ෂිකව හෙක්ටයාර ලක්ෂ 13කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කෙරෙනවා.

වී වගාවෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට නම් නිසි කලට පොහොර යෙදිය යුතුයි.

වී ඉසින දින සිට දින 14ක් ගතවීමෙන් පසු පළමු පොහොර මුරය යෙදිය යුතු අතර, දෙවැනි පොහොර මුරය සති 4ක් තුළ යෙදිය යුතු වනවා.

ගොයමට සති 6ක් වන විට තුන්වැනි පොහොර මුරය යෙදිය යුතු අතර, සිව් වැනි පොහොර මුරය යොදන්නේ ගොයමට සති 7ක හෝ 8ක් ගත වූ පසුවයි.

කෙසේ වෙතත්, වී වැපිරීමෙන් පසු කුඹුරු සඳහා යෙදීමට මේ වනවිට මඩ පොහොර ලබා දී නොමැති බව ගොවීන් පවසනවා.

මාතර, කඹුරුපිටියේ අක්කර 300කට අධික කුඹුරු යාය එළැඹෙන 10 වැනිදාට පෙර වී වැපිරීමට සූදානම් කර ඇතත් නිසි කලට පොහොර ලබා නොදීම හේතුවෙන් තමන්ට නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වන බවට ගොවීන් චෝදනා කරනවා.

මේ අතර මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ පණු රෝගයක් හේතුවෙන් අක්කර 2,000ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබනෙවා.

මේ අතර ගොවීන් පවසන්නේ මෙවර සෝයා වගාව සාර්ථක වුවද මෙම පණු රෝගය හේතුවෙන් කරල් තුළ 90%ක් පමණ සෝයා බීජ විනාශ වී ඇති බවයි

COMMENTS