පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්

පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට අදාළ පරී­ක්ෂණ කඩි­නම් කර එවන් ඛේද­වා­ච­ක­යක් නැවත රට තුළ ඇති නොවී­මට පසු­බිම සක­සන බවත් එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය සහ යුක්තිය ඉටු කරන බවට සහ­තික වන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැවැ­සීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ සහ මිය­ගිය අයගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් සමඟ ඊයේ (06) මීග­මුව, කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­නයේ දී සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේය.

ඊයේ පෙර­ව­රුවේ කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­න­යට පැමිණි ජනා­ධි­ප­ති­ව­රයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය­ගිය පිරිස සිහි­වීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාර­ක­යට පුෂ්පෝ­ප­හාර දැක්වීය.

මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සංචා­රය සනි­ටු­හන් කර­මින් සිහි­ව­ටන තිළි­ණ­යක් ද පිළි­ගැ­න්විණි. අන­තු­රුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ සහ මිය­ගිය අයගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් සමඟ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සාක­ච්ඡා­ව­කට එක් වූ අතර පාස්කු ප්‍රහා­රයේ වින්ද­ත­යින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජු­වම ජනා­ධි­ප­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව සලසා දී තිබිණි.

මෙරට මෑත කාලයේ විශා­ල­තම ඛේද­වා­ච­කය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේද­වා­ච­කය කාලයේ වැලි තලා­වට යට­පත් වුවත් එය මකා දැමී­මට කිසි­සේත්ම ඉඩ නොදෙන බව ජනා­ධි­ප­ති­ව­රයා එහි දී අව­ධා­ර­ණය කළේය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අදහස් දැක්වූවේ ය.

”දැනට අවුරුදු පහකට වඩා වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. අපි එවැනි ඛේදවාචකයක් කිසිසේත්ම කලයේ, වැලිතලාවට යටපත් වෙලා ඒක මකාදමන්න ඉඩ දෙන්නේ නැහැ. මම පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක ලේකම්තුමාට උපදෙස් දුන්නා අපි මේ පරීක්ෂණය කළ යුතු වන්නේ පූර්ව නිගමනයක ඉඳගෙන ඒ නිගමනය සහතික කරගැනීම සඳහා සහතික එකතු කිරීම නෙවෙයි. අපි ඉතාමත් විවෘත මනසෙකින් යුතුව මේ සිද්ධ වුනේ මොකක්ද? මේ පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවාද කියලා ඉතාමත් නිරවුල් පරීක්ෂණයක් කරන්න කියලා මම උපදෙස් දුන්නා. හේතු කිහිපයක් තියෙනවා පළමු එක තමයි සමාජයේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන අපේ රටේ දේශපාලනයේ වෙනසක් සඳහා මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වුණාද කියන සැකය සමාජය තුළ තියෙනවා. අපේ රටේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරන්න පුළුවන්නම් දේශපාලන අරමුණක් වෙනුවෙන්, ඒක ඛේදවාචකයක්. ඒ නිසා පළමු කොටම අපේ රටේ දේශපාලනය එවැනි විනාශකාරී අන්තයක නම් තිබෙන්නේ ඒක සමාජයට හෙළිදරව් කළ යුතුව තිබෙනවා. දෙක තවත් සාකච්ඡාවක් තිබෙනවා සමාජයේ මේ පරීක්ෂණයන් ඒ කියන්නේ අපේ රටට යම් ප්‍රහාරයක් යම් කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම් එය වැළැක්වීම සඳහා තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය මේ ප්‍රහාරයන්ට සම්බන්ධ වී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා. රටකට යම් ප්‍රහාරයක් ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව තිබෙන යාන්ත්‍රණයේ ඒ ආරක්ෂාව බිඳවැට්ටීම සඳහා කටයුතු කරනවා නම්, අපේ රට හැම වෙලාවෙම අනාරක්ෂිතයි. දැනුත් අනාරක්ෂිතයි. වැළැක්වී සිටිය යුතු කණ්ඩායම් ප්‍රහාරයේ හවුල්කරුවන් වෙනවා නම් ඒක අතිශය භයානක තත්ත්වයක්. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් මේ පැත්තෙන් බැලුවත්. අනිවාර්යෙන්ම සිදුවුනේ කුමක්ද කියලා හෙළිදරව් කර ගත යුතු වනවා. තුන්වනුව ගත්තහම 274 කට ආසන්න පිරිසක් මියගියා තව විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒ වින්දිතයන්ට තමන්ගේ ඥාතීන් පිළිබඳව, තමන්ගේ දරුවන්, තමන්ගේ ස්වාමිවරුන් පිළිබඳව තමන් තුළ තිබෙන භක්තියට සාධාරණය ඉටුවිය යුතුව තිබෙනවා. ඒ පැත්තෙන් බැලුවත් මේ පරීක්ෂණය අපි සාධාරණව ඉටු කළ යුතු වෙනවා. අනිත් පැත්තෙන් මම හිතනවා පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් දෙපලු කළා. එකිනෙකා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් අනෙකා කෙරෙහි වෛරයෙන් සහ ක්‍රෝධන් බලන සමාජයක් නිර්මාණය වුණා. ඒ පැත්තෙන් බැලුවත් මේකට සාධාරණය ඉටුවිය යුතුයි…මම ඔබට ඒක සහතිකයක් දෙනවා. ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක්. පළමුකොටම අපි පාලනයක් ගොඩනගලා තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ අරමුණත් මාගේ අරමුණත් එකක් වෙන්නට. ඒ නිසා ඔබ අපේක්ෂා කරන යුක්තිය පිළිබඳ ප්‍රශ්නය අනිවාර්යෙන්ම නිරාකරණය කරලා, සාධාරණය ඉටු කිරීම මාගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි .එය දැනටමත් අපි ආරම්භ කරලා තිබෙනවා ඉතා ඉක්මනින් එම පරීක්ෂණ දියත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තිබ්බනම් ඔබට අපි මේ ප්‍රශ්නෙදි සාධාරණත්වය යුක්තිය තහවුරු කරනවා. නැවත මෙවැනි ඛේදවාචකයක් අපේ රට තුළ ඇති නොවීම සඳහා පරීක්ෂණයක් අත්දැකීමක් අපේ රට තුළ අවශ්‍යයි. එය මම ඔබට සහතික කරනවා ”

මෙහි දී අද­හස් දැක්වූ කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වහන්සේ පැවැ­සුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් විප­තට පත් ජන­තා­වට සාධා­ර­ණ­යක් ඉටු­කර ගැනී­මට ජිනීවා මානව හිමි­කම් කොමි­ස­මට පැමි­ණිලි කළ ද ඊට විස­ඳු­මක් නොලැ­බුණු බවයි. විප­තට පත් වූවන්ට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­මට රජ­ය­යන් කට­යුතු කළත් මෙම ප්‍රහා­ර­යට හේතුව කුමක්ද යන ප්‍රශ්නය ජන­තාව තුළ තිබෙන බව ද උන්ව­හන්සේ පෙන්වා දුන්හ.

මෙරට ජන­තාව තුළ අනුර කුමාර දිසා­න­යක මහතා කෙරෙහි විශ්වා­ස­යක් තිබෙන බවත්, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අවං­ක­භා­වය පිළි­බඳ තමන් අගය කරන බවත් පැවැසූ මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් එම අවං­ක­භා­වය සහ ළෙන්ග­තු­කම ජන­තාව හමුවේ ශක්ති­මත් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කරනු ඇති බවත් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට වග­කි­ව­යු­ත්තන් නීතිය හමු­වට ගෙන ඒමට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

කටු­වා­පි­ටිය දේව­ස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝ­ෂන් පිය­තුමා ඇතුළු පාස්කු ප්‍රහා­ර‍ෙය් වින්දි­ත­යන්, බැති­ම­තුන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

COMMENTS