රටවල් රැසක තානාපතිවරු ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සඳහා රටවල් රැසක තානාපතිවරු අද (09) පැමිණ සිටියා.
මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන්, ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන්, ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට්, දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී සහ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ මෙලෙස අද (09) දින ජනපති හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙහිදී නව ජනපතිවරයාට සුබ පැතුම් එක්කර ඇති මෙම තානාපතිවරු, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සහාය ලබාදෙන බවද සඳහන් කර තිබෙනවා

