ජනපති අපේක්ෂයින් තිදෙනෙක් අදායම් වියදම් වාර් තා දීලා නැහැ

ජනපති අපේක්ෂයින් තිදෙනෙක් අදායම් වියදම් වාර් තා දීලා නැහැ

පැවැති 2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති අතර ඉන් තිදෙනෙක් සිය ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවයි.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න , පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් යන ජනපති අපේක්ෂකයින් එලෙස ආදාළ වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජනපති අපේක්ෂකයින්ට අදාළ වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

COMMENTS