තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කළේය.
එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබීය.

