ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) සිදුවනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව 1576ක්.

අද (14) දිනයේදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකිවන පිරිස් සදහා ලබන 18 වනදා අවස්ථාව සලසා දීමටයි මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත්තේ.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් හා එක් ස්වාධීන කණ්ඩායමක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා භාර දී තිබුණා. ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

COMMENTS