වස්කෝදගාමා කොළඹ වරායට

අතිසුඛෝපභෝගී මගී නෞකාවක් වන වස්කෝදගාමා අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.
මගීන් 689 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 460 දෙනෙකු සමගින් ඉන්දියාවේ සිටයි මෙම නෞකාව මෙරටට පැමිණ ඇත්තේ.
ජර්මනිය, බි්‍රතාන්‍ය සහ ඉන්දියාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, ඔවුන් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. පෘතුගාල ධජය යටතේ පැමිණි මෙම මගී නෞකාව හෙට රාත්‍රියේ ඉන්දුනීසියාව බලා නැවත පිටත්ව යනු ඇති.

