හිටපු මන්ත්‍රීවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාර දී ඇත්තේ 35ක් පමණයි

හිටපු මන්ත්‍රීවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාර දී ඇත්තේ 35ක් පමණක් බව පාර්ලිමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, නිල නිවාස අද(20) දිනය තුළ භාර දෙන්නැයි ඔවුන්ට දැනුම් දී ඇති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 දෙනෙකුට පසුගිය කාලයේ නිල නිවාස ලබා දී තිබූ බව ද ඇය ප්‍රකාශ කළාය.
මහ ලේකම්වරිය සඳහන් කළේ, 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස ලබා දීම ලබන මස 03 වැනි දායින් පසු සිදු කරන බවය.
නිල නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම පියවර ගත් බව ද ඇය පැවසුවාය.
මහ ලේකම්වරිය සඳහන් කළේ, 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට(21) පැවැත්වෙන බවයි.
ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුව රැස්වෙන්නේ, දෙසැම්බර් මස 03 වැනි දායි.

