උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන්

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන්

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දී තිබේ.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ, මදුරු විකර්ශකයක් ගල්වා විභාගයට පැමිණීම ඉතාම සුදුසු බවයි.

මේ අතර, විවිධ ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගයට ඇති විය හැකි බාධා මගහරවා ගැනීම සඳහා අදාළ අංශ වෙත මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උසස් පෙළ විභාගය අනිද්දා ආරම්භ වන අතර දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ, විභාග මධ්‍යස්ථාන 2,312කදී ය.

ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව, තුන් ලක්ෂ 33 185 කි.