IMF 3වන ණය වාරිකයේ අදාළ එකඟතා අද ප්‍රකාශයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමේ තුන්වන ණය වාරිකය නිදහස් කිරීමට අදාළ මුලික එකඟතා අද (23) ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ධූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළව ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.
එම වාරිකය නිදහස් කිරීමට අදාළ සමාලෝචනය ඊයේ අවසන් විය.
විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය මුදා හැරීම සඳහා කෙරෙන සමාලෝචනය සඳහා පසුගිය 17 වැනිදා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කළේ ය.

