ආපදා මරණ තවත් ඉහළට

ආපදා මරණ තවත් ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකුද තුවාල ලබා තිබේ.

තවද මේ වන විට පවුල් පවුල් 142,624 ක පුද්ගලයින් 479,871 ක් අවතැන් වී තිබේ. 

නිවාස 103 ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී ඇත. 

පවුල් 8,470ක පුද්ගලයින් 27,517ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවසීය.

COMMENTS