ඩොනල්ඩ් ලූ දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (12/05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.
ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරියෙක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

