තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

ලග්ගල පොලිස් වසමේ ලකේගල ප්රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ ලකේගල, නාරංගමුව ප්රදේශයේ පදිංචිකාරියක්.
මියගියි කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

