රිලවුන්ගේ වද සැත්කම් ඇරඹේ

වගා හානි සිදුකරන සහ ජන ජීවිතයට බාධාවක් වී ඇති රිලවුන් වන්ද්‍යාකරණයට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.
මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ඊයේ මෙම වැඩසටහන ආරම්භ කළේ, ප්‍රදේශවාසීන්, පශූ වෛද්‍යවරුන්ගේ සහ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.
මෙහිදී ආහාර සහිත උගුල් කූඩු කිහිපයක් යොදා රිලවුන් අල්ලාගෙන ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට නියමිතයි. එහිදී එම රිලවුන් වන්ධ්‍යාකරණය කර යළිත් එම ප්‍රදේශවලටම මුදා හැරෙනවා.
මේ අතර, ඊයේ පැවති කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී රිලා ගැටලුව මෙන්ම වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

