ජනපති අද ඉන්දියාවට

ජනපති අද ඉන්දියාවට

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනවා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු යෙදෙන පළමු විදෙස් සංචාරය මෙයයි.

මෙම සංචාරයේදී ඒ මහතා ඉන්දීය ජනාධිපතිවරිය මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම ඉන්දියාවේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා කිරීමට සැළසුම්කර තිබෙනවා.

අනිද්දා දක්වා ජනාධිපතිවරයා ඉන්දියාවේ රැඳී සිටිනවා.

මෙම සංචාරය දෙරට අතර දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති.

COMMENTS