ජලාශ රැසක ජල මට්ටම් ඉහළට

ඊයේ දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ තවත් ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, එම ජලාශ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර, පැවති වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විටත් විවෘත කර තිබෙනවා.
එමෙන්ම, අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

