ශකිබ්ට පන්දු යැවීම තහනම් වෙයි

ශකිබ්ට පන්දු යැවීම තහනම් වෙයි

පන්දුයැවීමේ ඉදිරියව් නීති විරෝධී බවට සිදු කළ පරීක්ෂණයකින් පසු බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් හට පන්දුයැවීම තහනම් කර තිබෙනවා.

සැප්තැම්බර් මස පැවැති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ශකිබ් අල් හසන් ක්‍රීඩා කර තිබුණා.

මෙම අත්හිටුවීම දෙසැම්බර් මස 10 වැනිදා සිට බලාත්මක බවයි වාර්තා වුණේ.

සරේ කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ පන්දුයැවීමේ ඉදිරියව් සම්බන්ධයෙන් විනිසුරුවන් ප්‍රශ්න කර තිබෙනවා.

ඒ හේතුවෙන් ශකිබ් අල් හසන් Loughborough විශ්වවිද්‍යාලයේ පැවති ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දුන් අතර, එහිදී අනාවරණවී ඇත්තේ, ඔහුගේ වැලමිට දිගු කිරීමේ ප්‍රමාණය රෙගුලාසිවල දක්වා ඇති අංශක 15 සීමාවට වඩා වැඩිවී ඇති බවයි.

ඒ අනුව ඔහුගේ පන්දු යැවීම අත්හිටුවීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් සංගම් තීරණය කර තිබෙනවා.

මෙම අත්හිටුවීම අවලංගු කරගැනීම සඳහා ශකිබ් අල් හසන් හට නැවත වතාවක් පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකි බවයි මතය.

COMMENTS