රජය විසින් ආනයනය කළ පළමු සහල් තොගය දිවයිනට

රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් තිබෙනවා.
සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙසයි රජය මෙම පියවර ගනු ලැබුවේ.
ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 70000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.
සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනය කිරීමටයි අවසර හිමිවී තිබුණේ.
ඒ අනුව පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රීයේ මෙරටට රැගෙනවිත් තිබෙනවා.
මීට අමතරව පෞද්ගලික ආනයනකරුවන් මගින් ද සහල් ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

