ශීත ඍතුවට කසකස්තානයේ සිට සංචාරකයන් රැගත් ප්‍රථම ගුවන් යානය දිවයිනට

ශීත ඍතුවට කසකස්තානයේ සිට සංචාරකයන් රැගත් ප්‍රථම ගුවන් යානය දිවයිනට

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් ගමනට ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියා.

මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

මෙම ගුවන් යානයෙන් පැමිණි කසකස්තාන ජාතික ගුවන් මගීන් උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් ද පියවර ගෙන තිබුණා.

COMMENTS