ත්‍රිකුණාමල මුහුදෙන් මතු වූ ටාගට් ඩ්‍රෝන් යානය ගැන විමර් ෂණයක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදෙන් හමුවු ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානය පිළිබද විමර්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසනවා.
ගොඩබිමේ සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරකින් මුහුදේ පාවෙමින් තිබු එම යානය ධීවරයින් පිරිසකටයි හමුවී තිබුණේ.
මෙවැනි වර්ගයේ යානයක් 2020 වසරේ දීත් හමුවු බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කිලෝ ග්‍රෑම් 40ක් පමණ බරකින් සමන්විත මෙවැනි යානා ඉන්දීය ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බවයි එවර සිදුකළ විමර්ෂණවලදී හෙළිවුණේ.

