පාන් මිල රුපියල් 10කින් පහළට

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂවයි.
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළකළ බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

