වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක්

වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

යුද හමුදාවේ උසස් නිලධාරීන් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්ද, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මීට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

COMMENTS