යාපනය හා තමිල්නාඩු ගමනට ඉන්ඩිගෝ ගුවන් සමාගම එක්වෙයි

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා .
මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ .
යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් ප්‍රධානී විනෙයි මල්හෝත්‍රා ප්‍රකාශ කර තිබෙනවා .
ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම දෙරටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ .

