ශ්රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරඟයේ ප්රවේශ පත්ර සියල්ල විකිණී අවසන්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ලබන 13 වනදා පැවැත්වීමට නියමිත දෙවන තරගයේ ප්රවේශපත්ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව තවදුරටත් ප්රවේශපත්ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

