විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) නැවත රැස්වීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මෙම කාරක සභාවේ දී පළමු වරට සලකා බැලුනේ පසුගිය 15වනදායි.

මෙම රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිළධාරීන් සහභාගී වී සිටියා.

එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබු යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර කරුණු කිහිපයකට එකඟතාවය පළ වී තිබුණා.

නීතිපති දෙපාර්තමේන්තුව ද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළා.

එකඟ වු සංශෝධන ද සමග පනත් කෙටුම්පත් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර අද (17) දිනයේ දී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.