මහනුවර ප්‍රවාහන පර් යන්තයට දුම්රියේ ඉඩම් යොදා ගැනීමට එකඟතාවක්

මහනුවර පොදු ප්‍රවාහන සේවා සියල්ල ඒකාබද්ධ කෙරෙන ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා දුම්රිය ඉඩම් යොදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
මහනුවර ගුඩ්ෂෙඩ් අංගනයේ ඉදි කෙරෙන බහුවිධ ප්‍රවාහන මධස්ථානය සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 69.6 ක්.
මේ වන විට එහි බිම් මහලේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතිනවා.
එහි ප්‍රගතිය සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස් අබේකෝන් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එම පර්යන්තය ඉදිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුය සතු ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු හෙක්ටාර 1.9 ක භූමි ප්‍රමාණයක් මෙම ව්‍යපෘතියට යොදාගන්නවා.
එහිදී අහිමිවන දුම්රිය නිවාස වෙනුවෙන් මහල් 07 කින් සමන්විත දුම්රිය නේවාසික ඒකකයක් ඉදි කෙරෙනවා.
මේ අතර හැටන් ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට මංජුල සුරවීර රත්නායක සහ ක්‍රිෂ්ණන් කලයිසෙල්වි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැටන් කාර්යාලයට පැමිණයා.
සේවකයන් හමුවී එහිදී ඔවුන් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
ඉදිරි දින කිහිපය තුළ සියලු බස් රථ පරික්ෂා කර අවශ්‍ය අඩුපාඩු සකස් කරන ලෙස මන්ත්‍රීවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

