ලංවීම සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර් ග අද සිට දැඩි කරයි

ලංවීම සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර් ග අද සිට දැඩි කරයි

අද (22) දිනයේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දින 17ක් පුරා ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවට පත්කිරීමේ ක්‍රියා, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල් කරගෙන ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

සිය ගැටලු සඳහා මෙතෙක් බලධාරීන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.