නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා 7ක් අපවත් වෙයි

මැල්සිරිපුර පන්සීයගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේ හත් නමක් අපවත්වී තිබේ.
ඒ , උන්වහන්සේ රැදි සිටි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් ය.
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසය පිහිටා ඇත්තේ කඳුකර ප්‍රදේශයක වන අතර මේ හේතුවෙන් ස්වාමීන් වහන්සේ කාලයක සිට, තමන් වැඩ වාසය කරන කුටි වෙත වැඩ කිරිම සඳහා කේබල් ඩක්කුව භාවිත කර තිබේ.
ස්වාමීන් වහන්සේ 13 නමක් ඊයේ(24) රාත්‍රියේ ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ සිට උස් ස්ථානයක පිහිටි කුටියට රැගෙන යමින් සිටි කේබල් ඩක්කුව එලෙස කඩා වැටී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ හය නමක්, පොල්ගොල්ල සහ කුරුණෑගල රෝහල් වලට ඇතුලත් කෙරුණි.
අපවත් වූ ස්වාමීන් වහන්සේ අතරට විදේශීය ස්වාමීන් වහන්සේ තුන් නමක් ඇතුළත් වේ.
උන් වහන්සේ ඉන්දියාව රුසියාව සහ රුමේනියාව සිට වැඩම කර සිටි බව පන්සීයගම පොලීසිය පවසයි.
කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ දෙනමක් ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

