නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

කුරුණෑගල – මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.
අපවත් වූ භික්ෂූන් වහන්සේ 7නම අතරින් 05 නමකගේ අවසන් කටයුතු ඊයේ (27) දිනයේ සිදුකෙරුණා.
ඒ මැල්සිරිපුර – පන්සියගම පොදු සුසාන භූමියේදීයි.
අධිකරණයේ ඉල්ලීම අනුව, එම භික්ෂුන් වහන්සේගේ දේහයන් භූමදානය කිරීමට කටයුතු කළා.
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී පසුගිය (24) රාත්‍රියේ අනතුරක් සිදු වුණා.
එම අනතුරින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.
රුමේනියාවේ ධම්මරංසි, රුසියාවේ ධම්මරක්ඛිත, ඉන්දියාවේ ධම්මගවේෂි, නාවලපිටිය උත්තරානන්ද, උඩවලවේ සත්තසුමන, නුගේගොඩ විපස්සි, මල්වානේගම සමිද්ධ යන ස්වාමින් වහන්සේ අනතුරින් අපවත් වුණා.

