ප්රවේශ පත්රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට අද සිට දඩ

බස්නාහිර පළාත තුළ බස් රථවල ප්රවේශ පත්ර නිකුත් කිරීම අද (01) සිට අනිවාර්ය කර තිබෙනවා.
ප්රවේශ පත්ර නිකුත් නොකිරීම සහ මගී ජනතාව ප්රවේශ පත්ර ලබානොගැනීම සම්බන්ධයෙන් දඩ නියම කිරීමක් සිදුකෙරෙන බවයි මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සදහන් කළේ.
මේ අතර බස්නාහිර පළාතේ මගී ප්රවාහන ත්රී රෝද රථ ලියාපදිංචිය ද අද (01) සිට අනිවාර්ය වනවා.

