ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති සහ අගමැතිනියගෙන් සුබ පැතුම්

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති සහ අගමැතිනියගෙන් සුබ පැතුම්

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවයි අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින ළමා පරපුරේ අව්‍යාජ ලෝකයේ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

රටේ ජීවය ළමා පරපුර බවත්, එමෙන්ම දරුවන් වෙනුවෙන් සුවිශේෂ වගකීමක් රජයට පවතින බවයි පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරන්නේ.

වැඩිහිටි ප්‍රජාවගේ නිරෝගී සුවය මෙන්ම ආරක්ෂාව ද තම ප්‍රාර්ථනය බවද, ඔවුන්ගේ මානසික යහපැවැත්ම, සෞඛ්‍ය පිළිබඳව මෙන්ම ගෞරවනීය සමාජ වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම රජයේ අරමුණ බවද අගමැතිවරිය සඳහන් කරනවා.